Feeds:
ලිපි
ප්‍රතිචාර

Archive for ඔක්තෝබර්, 2011

භාරත ලක්ෂ්මන් මරා දමා දෙසතියකට ආසන්නය. ඔහුත් සමග පස් දෙනෙක් මරා දමා තිබුණද, ඇසින් දුටු සාක්ෂි සහිතව දුමින්ද සිල්වා ගැන පොලිස් පොතේ ලියැවී තිබුණද මේ වනතුරුත් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර නැත. අවි දහ අටක් අත්අඩංගුවට ගෙන තිබිණි. පස්දෙනෙක් මරා දමා තිබිණි. දුමින්ද සිල්වා වාහන පහකින් පැමිණි බව පැවසිනි. අඩුම තරමින් මිනී මැරුම කෙසේ වෙතත් අයුතු ජන රාශිය මුල් කරගෙන හෝ දුමින්ද සිල්වාට එරෙහි චෝදනා නැත.

සිද්ධි පෙළ ගැසෙන්නේ එසේය. මේ මොහොත වන විට සියලු දෙනාම දොස් තබමින් ඉන්නේ දුමින්ද සිල්වා නැමැති තුට්ටු දෙකේ මෝඩයාටය. කලක් ලාංකීය දේශාලනයේ මැරයා ලෙස පෙනී සිටි භාරත ලක්ෂ්මන් මේ මො‍හොත වන විට ජනතා වීරයෙකි. භාරතගේ මිනී මැරුම ගැන කම්පා වන්නවුන් මෙන්ම දුමින්දට සාප කරන උන් එකෙක්වත් මේ සිද්ධි දාමය හරහා එළි දුටු ඛේදවාචකය ගැන කතා කරන වගක් පෙනෙන්නට නැත.

දුමින්ද මේ ආණ්ඩුව තුළ ඉබේ පහළ වන්නෙක් නොවේ.

දුමින්ද සිල්වා නැමැති කුඩුකාර , ස්ත්‍රී දුෂක , විකෘති කාමයක් සහිත මානසික රෝගියා එක්සත් ජාතික පක්ෂයේ සිටියේත් මේ සිටිනා චරිත ස්වභාවයෙන්මය. එහි සිට ඔහු ආණ්ඩු පක්ෂය වෙත මල් මාලා දමා වඩම්මා ගන්නේ මේ රටේ ජනාධිපති වරයාගේ ආශීර්වාදය ද සහිතවය. ඒ මෙවැනි පාදඩයෙක් ලවා ශාස්ත්‍රීය පර්යේෂණ කරන්නට නොවේ. ඔහු ලවා කරගතයුතු වැඩ කොටසක් ආණ්ඩුවට තිබූ නිසාය.

ඔහු මැතිවරණ ව්‍යාපාර වලට ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කළේය. ඒ මුදල ලැබෙන්නේ කුඩු ජාවාරමෙන් වග දැන දැනත් එම කලු සල්ලි ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති වලට යෙදවුනේ රටේ ජනාධිපති හා ආරක්ෂක ලේකම් දැනුවත්වය. දුමින්දගේ මැතිවරණ කටයුතු සඳහා බන්ධනාගාරයේ සිටි පාතාල මැරයන් තාවකාලිකව නිදහස් වූ ආකාරයත් , විදයම් කළ උන් අතර සරත් අඹේපිටිය ඝාතනය කළ පොට්ට නව්ෆර්ද වූ ආකාරයත් ගැන කියැවිනි.

ඒ සියලු දේ ගැන සංවාදයක් තිබෙද්දීත් මේ රටේ අමන මිනිස්සු මේ මනෝ විකෘතිකයා වැඩිම මනාප සහිතව පාර්ලිමේන්තුවට යැවූහ.

එසේ පැමිණි දුමිනදව රටේ ජනාධිපති වරයා විසින් පිලිගත්තේ මේ වන විට රටේ බලවත්ම අමාත්‍යාංශය වන ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී කමක් දෙමිනි. ඒ සමගම කලකට ඉහත දී තමන් වෙනුවෙන් ඕනෑම මැරකමක් කිරීමට කැපව සිටි භාරත ලක්ෂ්මන්ට ඉහළින් තබා දුමින්දව කොලොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයද පිරිනැමිනි.

මේ ‍අතර දුමින්ද එළිපිටම කුඩු ජාවාරම කළේය. පසුගිය ජූනි මස හලාවතට ගොඩ බෑ ලංකා‍වේ මෙතෙක් වාර්තා වූ විශාලම මත් කුඩු තොගය දුමින්දගේ කේ. එන් 7046 ප්‍රාඩෝ රථයෙන් ප්‍රවාහනය වූයේ රාජ්‍ය අනුග්‍රහ සහිතවය. එය වාර්තා කළ දිවයින පුවත් පතේ හේමන්ත රන්දුනු ගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලීසියෙන් දිවයින කාර්යාලයට ආවේය.

දුමින්ද කොලොන්නාවට පැමිණී පසු එහි ක්‍රියාත්මක වූ කුඩු ජාවාරම් තිප්පල 512 ක් වූ පවැසිනි. දුමින්ද මෙවර කොලොන්නාවට ඉදිරිපත් කර තිබුණේ පාතාල මැරයින් හා කුඩු ජාවාරම්කාරයින් බවද පැවිසිනි. මෙවර පලාත් පාලන මැතිවරණයේ දි දුමින්ද සිල්වාට සහය දැක්වීමට ආරක්ෂක ලේකම් වරයා ඔහුගේ කුඩුකාර මැරයන් හමුවූයේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසන පරිදි ‍ෙම් වනවිට ඒ කාලකන්නි කුඩු ජාවාරම් කාරයින් තමන් විසින් ආරක්ෂක ලේකම් පිළිගන්නා ආකාරයත් , ඔහු සමග කන බොන ආකාරයත් සහිත ඡායාරූප රාමු කරගෙන ප්‍රදර්ශනය කරමින් සිටී.

දුමින්ද සිල්වා විකල් කරනු ලැබුවේ රාජ්‍ය නායකයින් විසින් ලබා දී තිබූ මේ රැකවරණයය. දෙනෝ දාහක් බලා සිටිද්දී මහ පාර මැද යම් ජනතා කැමැත්තක් සහිත භාරත ලක්ෂ්මන් වැනි පුද්ගලයෙක් මරා‍ දමන්නට තරම් හෙතෙම නිර්භීත වන්නේ ඕනෑම පාදඩ වැඩක් එළිපිටම කර පැමිණියද හෙතෙම සුරක්ෂිත බව දන්නා නිසාය. අදත් මේ ආරක්ෂක ලේකම් හා ජනාධිපති වරයා දුමින්ද අපරාධයකට සම්බන්ධ බවවත් පිළිගන්නට සූදානම් නැත. ආරක්ෂ ලේකම් වරයාද රටේ ජනාධිපති වරයාද මේ ආරක්ෂා කරන්නේ දුමින්ද තුළ වූ ඒ විශ්වාසයයි.

ඒ විශ්වාසය ආරක්ෂා කීරීමේ ස්වරූපය ගැන රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැත. තම දේශපාලන සගයන් ජනාධිපති‍ෙග් ආශීර්වාද ලද මැරයින් අතින් බල්ලන් සේ මැරුම් කන විට ඒ ගැන කොන්ද කෙලින් කරගෙන කතා කළ හැකි එක ඇමති වරයෙක් , මන්ත්‍රී වරයෙක් නැත. මේ තරම් එළිපිට තුච්ඡ පාදඩකම් සිද්ධ වෙද්දී රටේ විපක්ෂයට වගේ වගක් නැත. රටේ ජනමාධ්‍ය වලටත් මේ ජඩකම් සංවාදයට ලක් කිරීමට තරම් හයියක් නැත.

එහෙව් රටක දුමින්ද සිල්වා වැනි ඇඟට සරිලන මොලයක් නැති පාදඩයන්ට පමණක් බැන වැදී පල නැත.

Advertisements

Read Full Post »