Feeds:
ලිපි
ප්‍රතිචාර

Archive for අගෝස්තු, 2011

අප මේ කතා කරන්නේ  හාමුදුරු නමක්  ගැන නොවේ.  

එසේ වුවත් ස්වකීය නින්දිත කල් ක්‍රියාව  නිසා දානයක තරම් දෙයක් නොලැබෙන , දායක සභාවක් නොමැති නිසා ඕනෑම අවලම් වැඩක්  සඳහා ලයිසන් ලබාගෙන සිටින,  මිහින්තලාව නිසා බැතිමතුන්ගේ ශ්‍රද්ධාවෙන් උපදිනා කෝටි ප්‍රකෝටි වත්කම් වලට උරුමකම් කියන  ඓතිහාසික මිහින්තලේ පහතමළු රජ මහා විහාරයේ විහාරාධිපති කම දැරුවේ  මොහුය. ඒ දැනට සෑහෙන කාලයක  සිටය.

 එහෙත් අපේ දේශපාලනයත් , රට හසුරුවනා ප්‍රභූ සමාජයත්   මේ    කාලකන්ණියා තුනුරුවනින් එකක් කොට සලකා පසග පිහිටුවා වැද නමස්කාර කරන්නට පසුගිය 24 වන දා  වනතුරු අපට බල කළේය.  ජනාධිපති වරයා මීට තෙසතියකට පෙර ‍මේ  නිඝන්ඨයා හමු ව බොහෝ වේලා ගත කළේය.හේතුව මේ කාලකණ්නියා මෙතෙක් කල් සරත්  පොන්සේකා වෙනුවෙන්  දේශපාලනය කළ නිසාය. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් රටේ ජනාධිපතිවරයා   පැමිණ මේ කාලකන්නියාට පසග පිහි‍ටුවා වදින්නේ  මුන් හාමුදුරුවරුන් නොවන බව මුලු සමාජයම දැනුවත් වී සිටියදී   ය. 

 මේ ලිපිය ලියන්නට කලින් මේ වග සදහන් කළ යුතුය. මේ රටේ සෑම රජමහා විහාරයකම පාහේ සිටින නායක හාමුදුරුවරුන්  පාරාජිකා වූ ගණින්නාන්සේලාය. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස ස්වකීය අඹු සිගිත්ත සමග ජය ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට ආවාසයේ ජීවත් වන ආකාරය රටම දනී. මහා විහාර විශ්‍රාම ශාලාව ද පාලනය කරනා  මේ කාන්තාවට මැඩම් කියා සැලියුට් ගසා පිලිගන්නා පොලිස් නිලධාරීන් අප කොතෙකුත් දැක තිබේ. ථුපාරාමය  පැත්තේ දී පුරාවිද්‍යා කම්කරු කාන්තාවන් පවා සේවය කරන්නේ කල්පනාවෙනි. රුවන්වැලි සෑය ගැන කියවෙන කතා මුළු අනුරාධපුරයම දනී. අවුකන විහාරාධිකාරී ශාස්ත්‍රවේලියේ ධම්මරතන ස්වකීය ආවාසය අසරණ දුප්පත් අවුකන ගමේ තරුණියන් යොදවාගෙන ගණිකා මඩමක් කර ඇති ආකාරය සියළු සාධක ද සහිතව මල්වතු නායක හාමුදුරුවන් වෙත වරෙක මේ ලියුම්කරුම ඉදිරිපත් කළේ ය.

 මේ අතරින් නාමල්ඔය රතනසාර වෙනස් වන්නේ ඒ තිරසනා ළදැරියකට හෝ සිය කන්‍යා භාවය රක්ෂා කරගෙන ජීවත් වීමට ඉඩ නොදෙන බැවිනි. ‍ යම් පමණකට අවුකන රජමහා විහාරාධිපති තැනට සමාන මේ අවලමා ඇතුළු චීවර ධාරී තිරිසනුන් පිළිබද වන අවනඩු නෑසීමට දෝ මල්වතු නා හිමියන් (ශාරිරිකවම) ශ්‍රව්‍යාබාධිතව හිදී.  එබැවින්ම මේ පිළිබද උන් වහන්සේ මැදිහත්ව   යමක් සිද්ධ වන්නේ නැත.

 අසරණ අහිංසක දුප‍්පත් ගැමියන් ජීවත් වන මිහින්තලේ කටුපොත හා මරදන්කල්ල ගම්මානවල   ආර්ථික දුෂ්කරතා සහිත පීඩිත වූ කාන්තාවන් ගණනාවක් සහ අනුරාධපුරයේ ප්‍රකටව සිටිනා  බොහෝ ගණිකාවන් සමග ලිංගව හැසිරී, එබැවින්ම නින්දාවටත් ගර්හාවටත් පාත්‍ර වූ නමුදු   කිසිදු අරෝවක් නැතිව ඓතිහාසික මිහින්තලේ පහතමළු රජමහා විහාරාධිපතිව ජීවත්ව සිටි පනස් හත් හැවිරිදි නාමල්ඔය රතනසාර නම් චීවරධාරියා මේ වන විට දින දාතරකට  බන්ධනාගාරගතව හිදී . මෙවර මේ සල්ලාලයා මෙසේ හිරේ විලංගුවේ වැටෙන්නේ කටුපොත මරදන්කල්ල ග‍මේ  දහතුන්  හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ වරදට ය.  දූෂණයට ලක් වූ‍ මේ දැරිය තවමත් කටුපොත මරදන්කල්ල විදුහලේ හත වසරේ ඉගනුම ලබමින් සිටි නොදරුවෙකි.

 මේ අහිංසක දැරිය මේ තිරිසනාට ගොදුරු වන්නේ වයස අවුරුදු  12   පිරෙන්නටත්  මත්තෙනි. එතැන්සිට වසර එක හමාරක් තිස්සේ සිය වරකටත් වඩා වැඩි වාර ගණනක් මේ දැරිය නාමල්ඔය රතනසාර අතින් දූෂණය වී තිබිණි.  මේ චීවරධාරියාට මෙම අපරාධය කිරීම සදහා දැරිය ගෙනැවිත් දී තිබෙන්නේ අන්ත දරිද්‍රතාවයෙන් පීඩිතව ජීවත් වීම සදහා විකල්ප  නොමැති වූ විට  සදාචාරය පිළිබද ශංකා නැති වූ ඇයගේ මිත්තනිය හා මව විසිනි.  සදාචාරය හා සමාජ ප්‍රතිමාන පිළිබද සංකල්ප වලංගු වන්නේ බඩගින්න දරා ගත  හැකි සීමාව දක්වා පමණි .  ඛේදවචාකය වන්නේ ‍ජීවත් වීම සදහා ව්‍යාපාරිකයෙකුට ‍ හෝ වෙනත් සල්ලාලයෙකුට නොවිකුණා මේ දැරිය රජමහා විහාරයක විහාරාධිපති හිමි නමකට විකිණීම ය. ඒ චීවර ධාරියා මේ නොදරුවා දූෂණය කිරීම ය.

 දැරිය අපහරණයට ලක් කරනලදැයි චෝදනා ලබා දැරියගේ මව හා  මිත්තනිය  ඇතුළු තවත් තිදෙනෙක් මීට දින ගණනාවක සිට  බන්ධනාගාර ගතව හිදී. දූෂණයට  ලක් වූ අසරණ දැරිය අනුරාධපුර පරිවාස භාරයේ ය. මේ වන විට ඇය බරපතල මානසික කම්පනයකට ලක්ව  රෝගී තත්වයකට පත්ව සිටින්නී ය.

 මේ එළි දැක තිබෙන්නේ මේ සමාජයේ කුණු වී යන අධ්‍යාත්මයේ  ස්වරූපයයි. එබැවින් මෙතැන්සිට අප මේ කතාවක  කියන්නේ මෙහි ඇති කුණු රසය විඳීමට ‍‍නොවේ. සිද්ධවෙමින් ඇති මහා ව්‍යසනයේ යථා‍වබෝධය සඳහා ය.

 පොලීසි‍ය විසින් දියත් කළ රහස් පරීක්ෂණයන් හි තොරතුරු වලට අනුව වයස 12 ලබන්නට ආසන්නයේදී මේ දැරිය පනස් හත් හැවිරිදි නාමල්ඔය රතනසාර අතින් දූෂණය වන්නේ ඇ‍‍ගේ මිත්තනිය සමග පන්සලට පැමිණි දිනයක ය. මුල දී දැරිය සුරතල් කරන බව අගවා කරන ස්පර්ෂයත් පසුව ඇය ස්වකීය ආවාසගෙය පිරිසිදු කිරීමට යෙදවීමත් ‍රතනසාර විසින් සිදුකර තිබේ. මේ සියලු‍ දේ සිදු වී ඇත්තේ මිත්තනිය ගේ අනුදැනුමෙනි.

 දැරියගේ කටඋත්තර ඇතුළත්  වාර්තා වලට අනුව මේ ලෙස ආවාසය ඇමැදීමට පැමිණි දිනෙක මුල් වරට රතනසාර විසින් ඇය ව දූෂණය කර තිබු‍නේ බිය වද්දා ය. අධික රුධිර වහනත් වේදනාවත් නිසා පීඩාවට පත් දැරිය ට රතනසාර විසින් මරණ තර්ජන එල්ලකර බිය වද්දා රහස රක්ෂා කිරීමට ප්‍රතිඥා ගෙන තිබේ. මේ ව්‍යසනය මුලින් මිත්තනියත් පසුව දැරියගේ මවත් දැනගත් නමුත් ඔවුහු මුනිවත රකිනු ලැබූහ.

 මුලින්ම වේදනාත්මක අත්දැකීමක් වුවද පසුව දැරිය මේ නින්දිත අපරාධයට  ඇබ්බැ වී තිබුණා ය. ඇය තනියම විහාරයට පැමිණෙන්නටත් සමහර දිනවල විහාර‍යේ රැය පහන් කිරීමටත් කටයුතු කළාය. පැමිණි සෑම දිනකම රතනසාර දැරියට රුපියල් දෙදහසක් හා ම‍වට දහසක් ලබා දී තිබිණි. රතනසාර අතින් දූෂණය වී මුදල් ලද සෑම දිනයක්ම ඇය   පොතක සටහන් කළාය. ඒ වාර්තා පොලිසීය සතුව තිබේ. රතනසාර අත්අඩංගුවට පත්වන මොහොත වන විට ‍මේ දැරිය ඒ තිරිසනා අතින් සිය වාරයකට වඩා දූෂණය වී තිබුණි.

මේ පාදඩයා තුළ  තිබී ඇත්‍‍තේ විකෘති කාමයක් බව දැරිය‍‍ ගේ කටඋත්තර වලින් පසක් වූ‍යේ ය. ඇය නිරුවත් කර පැය ගණනක් තිස්සේ අරක්කු හා සිගරැට් බොමින් ඇය දෙස බලා හිදීමත් , අනතුරුව මේ දැරිය ධරුණු ලෙස දූෂණය කිරීම්ත් සිදුකළ ආකාරය දැරිය ගේ කටඋත්තර වල සදහන් විය. හොදට හෝ නරකට තමන්ගේ යැයි කියා සිටි  මවත් මිත්තනියත් අහිමිව, මේ මහා‍ අපරාධයට ලක්ව මේ මොහොතේ පරිවාස භාරයේ ඉන්නා මේ ළදැරිය දැන් අධික කම්පනය නිසාම මානසික රෝගී තත්වයකට පත්ව හිදින්නී ය.  

 මේ දූෂණ සිද්ධිය ගැන පැමිණිල්ල මුලින්ම ලද  අවස්ථාවේදී කළුගලේ හිස හප්පා ගැනීමට‍‍ නොකැමැති පොලීසිය මදක් පසුබෑවේ ය. අවසානයේ දී පර්යේෂණ මෙහෙයවා සිද්ධිය උසාවියට යොමුකර උසාවි නියෝගයක් පිට කට උත්තර ගැනීමට රතනසාර සොයා ගියේ ය. රතනසාර ලබා දුන් කට උත්තරය නිසා පොලිස් නිලධාරීහු තක්කු මුක්කු වූහ.

 “ ඔව් මහත්තයා . මං ඒකිත් එක්ක නිදියගත්තා තමයි . ඉතිං මං උන්ව හොයාගෙන ගියා යෑ. උන්නෙ මාව හොයාගෙන ඇවිත් මට දුන්නේ.”

 මේ පනස් හත් හැවිරිදි මහල්ලා දහතුන් හැවිරිදි දැරියක් දූෂණය කර පොලිසිය ඒ පිළිබදව විමසනා විට ලබා දී තිබූ කට උත්තරය මොහු අත්අඩංගුවට ගැනීම සදහා ප්‍රමාණවත් විය. ඒ  වන විට දැරිය පරිවාස භාරයට පත් කර දැරිය ගේ මව හා මිත්තනිය ඇතුළු පස් දෙනෙක් බන්ධනාගාරගත කර රතනසාර අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නියෝග කර තිබුණද ඒ අත්අඩංගුවට ගැනීම පොලිසීය විසින් කල් දමනු ලැබීය. ඒ ජනාධිපතිවරයා චීන සංචාර‍යේ නිරත වී ලංකාවට පැමිණෙන තුරුය. ඒ අතර රතනසාර ලංකාව හැර ගියේ ය.

 එසේ රට හැර ගොස් සිටි හෙතෙම රටට පැමිණෙන විට කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබුව ද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නියෝගයෙන් ඇප මත නිදහස් වී නැවත මිහින්තලා පන්සලට ගියේ ය. එම ඇප අවලංගු කර රතනසාරව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය ලැබෙන්නේ පසුගිය 24 වනදා ය. මේ වනවිට ඔහු වෙත අධිචෝදනා ඉදිරිපත් කිරිම නවත්වා ගැනීම සදහා මහා මුදලක් යොදවා නිතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන්   මෙහෙයුමක් දියත් වී ඇති ආකාරය දැනගන්නට ඇත.

 මේ  යථාර්ථයයි. ලංකාවේ කිසිම මුද්‍රිත මාධ්‍යයක් මේ ඇත්ත පල කළේ නැත. ඒ සිංහල බෞද්ධ කම රැක ගැනීමට ය. බුකි කාරයින්  අරක්කු කාරයින් හා කැසිනෝ කාරයින් මහා බෞද්ධයන් වී සිංහල බෞද්ධ ජනමාධ්‍ය අයිතිකාරයින් වී රටක, තමතමුන් ගේ කිල්ලෝටවල ඇති හුණු හංගා ගැනීම සදහා මෙවැනි මෙහෙයුම් දියත් වීම අපේක්ෂා කළ යුතුය.

 එහෙත් ඒ ගැන වැඩි යමක් මිනිස්සුන් නොදැන සිටීමත් හොදයැයි සිතෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියත් , ලංකා ඊ නිවුස් වැනි වෙබ් අඩවි වලත් මේ සිද්ධිය පල කළ විට එය බැලූ උන් ලබා දී ඇති ප්‍රතිචාර දකින විටය. උන්ට අනුව මේ සරත් පොන්සේකාට සහ‍යෝගය ලබා දීම නිසා නාමල්ඔය රතනසාරට මහ රජා දුන් දඩුවමකි.

 රටට කෙලවී ඇත්තේ  රතනසාරලා නිසා නොව , මෙවැනි දෘෂ්ඨි හීන කාලකන්ණින් නිසාය. උන් සියල්ල විග්‍රහ කරගන්නේ පොන්සේකා ට හෝ මහින්දට සාපේක්ෂව ය. මේ එකෙකුගේ සුජාත දියණියක් රතනසාර වැනි පාදඩයෙකු අතින් දූෂණය වුව‍හොත් එයට ඇති දේශපාලන අර්ථකථනය කුමක් දැයි විමසීමටත් උන් සූදානම් දැයි නොදනිමු. මේ රටට නොවිය හැක්කක් නැති බව අපට සිතෙන්නේ මෙබදු පරිසරයක දී ය.

Advertisements

Read Full Post »